දේශීය පුවත්

කොළඹ නගරය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 30,000ක් පමණ සිටිනු ඇතැයි උපකල්පනය කළ හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

“අපි සාම්පල් 400ක් අහඹු ලෙස කරනු ලැබුවා. එයින් 19 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නෙ 5%ට පොඩ්ඩක් අඩුයි, 5%ක් දළ වශයෙන්. එතකොට ඒක අපි කොළඹ නගරය තුළ ජීවත් වන නිශ්චිත ජනගහණයට කෙළින්ම ආදේශ කළොත් 30,000ක් වෙනවා. ඒ 30,000 වෛරස් එකත් එක්ක ඔබමොබ සැරිසරනවා වෙන්නට පුළුවන්.

අපි කරන ලද පරීක්ෂණවලින් අපට 437ක් තමයි හම්බවුණේ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව. අපි එයින් තවත් හොයාගත්තා එක්කෙනෙකුට 4 දෙනෙක් PCR පරීක්ෂණ කරලා. එතකොට එතනිනුත් අපට හිතාගන්න පුළුවන් එක පුද්ගලයෙක්ගෙන් 4 දෙනෙක් හොයාගත්තා, නමුත් තවත් තුන් හතරදෙනෙක් මගහැරෙන්නට පුළුවන්. එතකොට ඒ 2000 ඒවා ගත්තාම අපි හිතනවා 6000 – 10000 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ සමාජය තුළ ඉන්නවා. ඒගොල්ලො දන්නෙත් නෑ වෛරස් එක ඒගොල්ලොන්ට වැළඳිලා කියලා. ඒගොල්ලො ඒ වෛරස් එක පතුරුවමින් අපි අතරේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ රෝගයේ ස්වභාවය.

අපි අර 30,000 ගත්තොත් ඒ 30,000නුත් අපි දන්නවා 80%ක් රෝග ලක්ෂණ නැහැ. රෝග ලක්ෂණ නැත්නම් ඔවුන්ගෙන් තවත් කෙනෙකුට බෝවීමට තියෙන ප්‍රවණතාවය ඉතාමත් අඩුයි කියලා පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා. එහෙම ගත්තත් අපට 6000 – 10000 අතර ප්‍රමාණයක් අපට නිශ්චිතව ඇස්තමේන්තු කරන්න පුළුවන් සමාජයේ ඔබමොබ සැරිසරනවා කියලා. මොකද අන්තරාය තියෙන බව සිතේ දරාගෙන තමයි අපට රාජකාරි කරන්න වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More