දේශීය පුවත්

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් කළේය.

භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට ලෝකයේ අනිත් රටවල් මෙවන් අවසර ලබා දෙන බවත් එනිසාම මෙරට තුලදීද එය සිදු කිරීමට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවද ඔහු පැවසීය.

සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More