දේශීය පුවත්

ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ප්‍රමුඛතාවය දෙමින් නව කර්මාන්ත පුරයක් ඉදිකරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (10) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’ යටතේ පිහිටුවා ඇති ‘පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට’ සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මෙම නව කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරව ය. මෙම කර්මාන්ත පුර මගින් කර්මාන්තකරුවන්ට සහන රැසක් ලැබෙන බවත් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස්වලට රැකියා අවස්ථා ලැබෙන බවත් විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගැටළු රැසකට මෙහිදී පිළියම් යෙදීමට ද ඒ මහතා කටයුතු කළේය. ඒ තම විෂය පථය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උප කාර්යාලයක් ඇලහැර ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙමිනි. ඒ අනුව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලින් හඳුනාගන්නා මැණික් නිධි සඳහා ඉහත උප කාර්යාලය මගින් නිසි නීතිමය ක්‍රමවේද යටතේ දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තකරුවන්ට බාධාවකින් තොරව තම කර්මාන්තයෙහි නියැලීමට ඉඩකඩ නිර්මාණය කරදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ විය. මෙම කටයුත්ත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බැවින් පතල් කැණීමෙන් පසු ඉහත රක්ෂිත ප්‍රදේශවල නැවත වන වගා කටයුතු සිදු කර නියමිත පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම ද ගැටලුවකින් තොරව සිදුවන බවට සහතිකයක් ද ලැබෙන බවත් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, කනක හේරත්, රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More