අප්‍රේල් 30 වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මැයි 06 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විරෝධය පළකරන බවත් එම ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් 30 වැනිදා වන විට පොරොන්දු වූ පරිදි අවසන් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් කමිටු 4ක් පත්කළ බවත් පක්ෂයේ ප්‍රධාන තනතුරු ක්‍රියාකාරීන්ට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා එකඟවූ බවත් චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ඊට අමතරව පක්ෂයේ ඉදිරි නායකත්වය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යම් ඉඟි පළ කළ බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මෙම සියලු කරුණු දෙස අප්‍රේල් 30 වැනිදා දක්වා දැඩි අවධානයකින් පසුවන බවත් එම පොරොන්දු ඉටු කිරීමට ක්‍රියා නොකළොත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇමතිවරුන් ඇතුළු අතිබහුතරයක් අනිවාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් වෙනුවෙන් දේශපාලන තීන්දුවක් ගන්නා බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා අවධාරණය කරයි.
එවැනි තීන්දුවක් ගත්විට එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවී දැඩි ව්‍යාකුලත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් එවැනි තත්ත්වයක් ඇතිනොකර පොරොන්දු වූ පරිදි ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසංහ මහතා කටුතු කරනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...