දේශීය පුවත්

2019 උසස් පෙළ විභාගය පාදක කරගෙන නිකුත් කරන ලද අදාළ ඉසෙඩ් ස්කෝර් අගය සම්බන්ධයෙන් නැවත අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පැවසුවේය.

මෑතකදී නිකුත් කරන ලද ඉසෙඩ් ස්කොර් අගය ප්‍රකාශයට පත්වීමෙන් පසුව පැරණි සහ නව නිර්දේශයන් යටතේ විභාගයට පෙනී සිටි සිසුන් තමන්ට අසාධාරණයක් වූ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අභියාචනය කළ නිසා මෙම කමිටුව පත් කර එය නැවත අධීක්ෂණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේය.

එහිදී අදහස් දක්වමින් “නව නිර්දේශය යටතේ විභාගය පැවැත්වීමේදී පැරණි නිර්දේශයට අදාළව සියයට 10ක් හෝ  සියයට 20ක් සංශෝධනය කර නව නිර්දේශය යන්න ප‍්‍රකාශ කළ ද, ඒ ගැන නිවැරදි ප‍්‍රකාශයක් ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන අයගෙන් පවා නිවැරදිව ප‍්‍රකාශ වී තිබෙන බවක් දක්නට ලැබෙන්නේ නැහැ” යනුවෙන් ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව නව නිර්දේශය යටතේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී පැරැණි විෂය නිර්දේශයෙන් කොපමණ විෂය ප‍්‍රමාණයක් සැලකිල්ලට ගෙන ඇතිද යන්න මෙහිදී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More