විදේශ පුවත්

මෙවර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී සිදුව ඇතැයි පැවසෙන මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට එරට නීතිපතිවරයා විසින් අවසර ලබා දී ඇත. ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් රිපබ්ලිකන් අපේක්ෂක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ වංචා පිළිබඳ පැමිණිලි පදනම් කර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කෙරෙනු ඇත.

නීතිපති විලියම් බාර් විසින් මෙම විමර්ශන සිදුකිරීම සඳහා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ මැතිවරණ දූෂණ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයකු වන රිචඩ් පිල්ගර් පත් කර ඇතත් ඔහු එම වගකීම් ප්‍රතික්ෂේප කර ධුරයෙන් ඉවත්ව තිබේ. කෙසේ වෙතත් එරට මැතිවරණ නීතියට අනුව මෙම විමර්ශන කඩිනමින් සිදු කෙරෙනු ඇතැයි නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි BBC ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More