ප‍්‍රධාන පුවත්

රටේ පොදුජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මුදලක්ම යෙදවීමට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන වගබලා ගතයුතු බවත් තමා ඒ ගැන දැඩු අවධානයකින් පසුවන බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර 3 කට වැඩි කාලයක් තිස්සසේ පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුනොවුණ නිසා බොහෝ ප්‍රදේශවල ගැටලු රැසක් පවතින බවත් එම ගැටලු හදුනාගෙන කඩිනමින් ඒවාට විසදුම් ලබාදීම සදහා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ඒවායේ ජනතා නියෝජිතයින් ක්‍රියා කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය නිසි වේලාවට පැවැත්වීමට වත්මන් ආන්ඩුව ක්‍රියා නොකළ නිසා එම ආයතන අරාජික වීමෙන් කැළි කසල ගැටළුව, ඩෙංගු වසංගතය, යටිතල පහසුකම් නඩත්තු නොවීම ඇතුළු පාරිසරික හා ජනතා ගැටළු විසදීම සදහා පළාත් පාලන ආයතන ක්‍රියාකළයුතු බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

එම නිසා අනවශය වියදම් නොකර පළාත් පාලන ආයතනවලට වෙන්වී ඇති මුදල් ප්‍රතිපාදන සියලුම දේවල් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිමට ඔවුන්ගේ ගැටලු විසදීමට යෙදියයුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

මීට පෙර තමාගේ ආණ්ඩුව පැවති කාලයේදී නගරය මෙන්ම ගම මුල්කරගෙනද විශාල සංවර්ධනයක් සිදුවු බවත් එම සංවර්ධනය පළාත් පාලන ආයතනවලට හැකි පමණ උපරිම ආකාරයකින් නැවත සිදුකිරීමට පළාත් පාලන ආයතන වගබලා ගත යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More