වැල්ලවාය ප‍්‍රදේශයේ ගොවීන්ගෙන් අස්වනු සමයේ මිලදී ගත් රටකජු කිලෝ දෙලක්ෂ පනස් දහසකට අධික ප‍්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වීමෙන් වැල්ලවාය තොගවෙළෙන්දෝ අසරණ වී සිටිතී.
තොගවෙළෙඳුන් විසින් මිලදී ගත් රුපියල් කෝටි තුනකට අධික රටකජු මෙලෙස ගබඩාවල එක්රැුස් වී ඇත.
පසුගිය යල කන්නයේ සහ මාස් කන්නයේ මිල දී ගත් මෙම රටකජු තොග අලෙවි නොවීම හේතුවෙන් ඔවුන් බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී ඇති අතර ගොවීන්ගෙන් මිලදී ගත් අස්වනු සඳහා මුදල් දීමට ද නොහැකි වීමෙන් අසීරුතා රැුසකට මුහුණ පෑමට සිදුවී ඇත.
කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා මැදිහත් වී මෙම ගැටලූව සඳහා කඩිනමින් විසඳුමක් ලබා දියයුතු බව ව්‍යාපාරික පිරිස් කියති.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික පිරිස් මෙසේ පැවසූහ පසුගිය යල කන්නයේ සහ මාස් කන්නයේ මිල දී ගත් රටකජු අපේ ගබඩාවල එක්රැස් වී තිබෙනවා. වැල්ලවායේ ප‍්‍රධාන තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල රටකජු කිලෝ ලක්ෂ ගණනක් මේ වනවිට එක්රැස් වී තිබෙනවා. අපි රටකජු කිලෝවක් රුපියල් 220ක පමණ මුදලට ගත්තේ. අද ඒවා කවුරුවත් කීයටවත් ගන්නේ නැති තත්ත්වයකට පත්වෙලා. උත්සව සැණකෙළි, පාසල් කිසිම දෙයක් නැති නිසා රටකජු කිසි කෙනෙක් ගන්නේ නැහැ.
ඒවගේම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළක් තියෙනවා දේශීය භෝග වගා කරන්නත් ඒවායෙන් රට ස්වයංපෝෂිත කරන්නත්. අපි කියන්නේ මේ රටකජු බීජ හැටියට වගාකරන්න ගොවීන්ට බෙදා දෙන්න වැඩපිළිවෙළක් හදලා රටකජු මිලදී ගන්න කටයුතු කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...