ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය යාමත් සමඟ මේ වන විට මෙරට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ මරණයට පත්ව තිබූ බව පැවසේ.
අද මියගිය පුද්ගලයන් අතර රාජගිරිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක විසූ 51 වියැති පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත්තේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඇති වූ නියුමෝනියා තත්වය හේතුවෙනි.
කොළඹ ජාතික රෝහලේදී මිය ගිය කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති පුද්ගලයාගේ මරණයට හේතුව වී ඇත්තේ කොරෝනා ආසාදනයෙන් ඇති වූ පෙනහළු ආසාදනයකි.
ගම්පහ දිස්ත‍්‍රික් රෝහලේදී මිය ගම්පහ උඩුගම්පොල ප‍්‍රදේශයේ පදිංචි 63 වියැති කාන්තාවගේ මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිවුමෝනියා තත්වයය බව පැවසේ.
තවද වයස 55-60 අතර හදුනා නොගත් පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...