අඳුරෙන් එළියට

අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරැන් 122 ක් ඡන්දය දුන්නා. පක්ෂ වූ පිරිස 76ක් . රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 46කින් විශ්වාසභංගය ජය ගත්තා. 26 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.

අගමැති කෙරෙහි විශ්වාසය භංග වීමට හේතු 14ක් යෝජනාවේ ඇතුලත්ව තිබුණා. ඉන් 12ක්ම 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින මහ බැංකුව මගින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත්කිරීමේදී කළ දැවැන්ත මූල්‍ය වංචා හා සම්බන්ධයි. 1950 දී ස්ථාපනය කළදා සිට මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යාංශය යටතේ. යහපාලන ආණ්ඩුවේ අගමැති ධූරයට සිය ගජ මිතුරෙකු වන සිංගප්පූරු වැසි අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. නව පාලනය යටතේ බැදුම්කර නිකුතුව කෙසේ කළ යුතුදැයි අගමැතිවරයා සිය සගයාට උපදෙස් දුන්නා. ගෝලයා මැනවින් සිය කාර්යය ඉටු කළා.

මහේන්ද්‍රන් සිය බෑණාගේ සමාගමට වාසි වන අයුරින් බැදුම්කර අලෙවි කිරීමෙන් වංචා කළ මුදල තවම හරියට ගණන් බලා නෑ. එහෙත් එය නිසැකවම රැපියල් කෝටි දහස් ගණනක්. වංචා කළ මුදල රුපියල් කෝටි ලක්ෂයක් (ට්‍රිලියනයක්) බව ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මගඩිය හෙළිවන විට දිගින් දිගටම චෝදනා ප්‍රතික්ෂේප කළ අගමැති වික්‍රමසිංහ කොන්දේසි විරහිතව මහේන්ද්‍රන් ආරක්ෂා කළා. ධූර කාලය අවසන් වීමෙන් පසු නැවතත් තම සගයා මහ බැංකු මහ පුටුවේ වාඩි කරවන්නට රනිල් නොගත් උත්සාහයක් නෑ.

ඩීව් ගුනසේකර හා සුනිල් හදුන්නෙත්ති කෝප් කමිටු දෙකම බැදුම්කර නිකුතුවේදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බව නිගමනය කළා. බැදුම්කර නිකුතුව පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් එවැනි නිගමනයකට පැමිණියා. වරදක් සිදුව ඇති බව පිළිගැනීමට අවසානයේ දී අගමැතිටත් සිදුවුණා. පෙබරවාරි 10 පළාත්පාලන ආයතන මැතිවරණයේ දී රජයට විශාල පරාජයක් අත්වූයේ බැදුම්කර මගඩිය නිසායැයි රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, රන්ජන් රාමනායක ඇතුළු ඇමතිවරු ගණනාවක් පිළිගත්තා. බැදුම්කර නිකුතුවේදී වංචාවක් නොවූ බව අද එළිපිට කියන්නේ හිටපු මුදල් ඇමති රවී කරුණානායක පමණයි. ඔහු හැර සමාජය ගැන අවධියෙන් සිටින අන් සියලු දෙනා බැදුම්කර නිකුතුවේදී බරපතල වංචාවක් සිදු කර ඇති බව පිළිගන්නවා.

එසේ වුවද මන්ත්‍රීවරු 225කින් සමන්විත අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122ක් බැදුම්කර වංචාවට වග කිව යුතු ප්‍රධාන චරිතය වන රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කළා. එහි තේරුම එක්කෝ ඔවුන් බැදුම්කර මගඩියක් වූ බව නොපිළිගන්නවා කියනඑක නැත්නම් බලය, පදවිය, ආත්ම ලාභය රැකෙනවානම් කවරෙක් කොතරම් මහජන මුදල් ගසා කෑවාට කමක් නෑ කියන එක නොවේද? මොවුන් 2015 දී බලයට පැමිණියේ දූෂණය පිටු දැක අති පාරිශුද්ධ සමාජයක් හදන බවට ප්‍රතිඥා දෙමින්.

විවාදය දා මැති සබයට පැමිණ හෝ නොපැමිණ ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් 26 දෙනාත් බැදුම්කර කොල්ලය අනුමත කරන අය. ඔවුන් බැදුම්කර මගඩියට විරුද්ධනම් තමන්ට ඡන්දය දුන් ජනතාව ගැන සිතා හෝ මේ තීරණාත්මක මොහොතේ සිය මතය පළ කළ යුතුව තිබුණා. ඔවුන් කෙලින් සිටගැනීමට තරම් ආත්ම ශක්තියක් නැති පිරිසක්. බල ලෝභය ඔවුන්ගේ අභිමානය උදුරා ගත් බව පැහැදිලියි. ඡන්දයෙන් වැලකී සිටි 26 දෙනා සහ බැදුම්කර මගඩිය අනුමත කළ 122 දෙනා අතර වෙනස බියගුළු නිවටකම පමණයි.

තාරක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More