දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය වසංගතය හේතුවෙන් සුපුරුදු පරිදි පාසල් පවත්වා ගෙන යාමට නොහැකිවීම හේතුවෙන් 2020 වසරේ තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර විදුහල්පතිවරුන් මගින් ඒවා ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (09දා) පැවති මාධ්‍ය හමුව අතරතුරදී එසේ පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“පාසල් යළි විවෘත කිරීම දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවධානය යොමු කර තවත් සති දෙකකින් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.දුරස්ථ ක‍්‍රමවේදය භාවිත කරමින් පාඩම් ලබාදීම මගින් එම පාසල් නිවාඩුව දීර්ඝ කළ කාලය පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ සලසා තිබෙනවා.මේවන විටත් දරුවන්ගේ ප‍්‍රයෝජනය සඳහා පාඩම් 2700ක් පමණ විකාශය කිරීමට ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාව හරහා කටයුතු සූදානම් කර තිබෙනවා. තුන්වන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා විෂයයන් සිංහල, දමිළ, ඉංග‍්‍රීසි මාධ්‍යන්ගෙන් වීඩියෝ සකස් කර විකාශය කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි වීම අවම කරගැනීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.” යැයි පැවසුවේය.

තවදුරටත් අදස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“රූපවාහිනී යන්ත‍්‍ර හෝ අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් සඳහා මෙන්ම රූපවාහිනී විකාශයන්  ආවරණය නොවන ප‍්‍රදේශවල සිටින සිසුන් සඳහා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම පාඩම් විකාශය කිරීමට ප‍්‍රමාණවත් පරිදි ගුවන් කාලය ලබා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා.ඊ තක්සලාව නැමැති දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීම සහ එය භාවිත කිරීමට දැනටමත් අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා.” යැයි පැවසුවේය.

අධ්‍යාපන ඇමතිවරයාට අනුව 2020 තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල ලබාදීමට මූලික පියවර ගෙන මේ වන විටත් ගෙන ඇත. එම අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබාදීමට අද්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මෙම ක්‍රමවේදයට සමගාමීව පළාත් නවයේම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විධිමත් හා නොවිධිමත් මට්ටමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යෑම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන අතර මෙම කාලය තුළ ක‍්‍රියාත්මක වන සමස්ත වැඩපිළිවෙළින් සිසුන්ට ප‍්‍රයෝජනයක් වනු ඇති බව රජය විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More