දේශීය පුවත්

මුලු ලොවම කොරෝනා වසන්ගතය සමඟ පොරබදද්දී ලොව පුරා පැතිරයන සැකය සහ අවිනිෂ්තිතභාවය අවසානයේදී 3වන ලෝක යුද්ධයකට පාර කැපීමක් විය හැකි බව එක්සත් රාජධානියේ හමුදා මාණ්ඩළික ප්‍රධානී ජෙනරල් නික් කාටර් (Nick Carter) පවසයි.
මෙවැනි අවිනිෂ්තිත තත්වයන් පසුගිය ලෝක යුද්ධයන් දෙකකටම මග පෑදූ “ඉතිහාසයේ රිද්මය” විමසා බැලිය යුතු බවට මෙම හමුදා ප්‍රධානියා යෝජනා කරයි.
20වන ශත වර්ෂයේදී ලෝක යුද්ධයන් දෙකකටම මග පෑදූ වැරදි පියවරයන් පිලිබදව බ්‍රිතාන්යය මෙන්ම ජාත්යන්තර ප්‍රජාව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවට ඔහු අනතුරු අගවයි.
නොවැම්බර් 08 වන ඉරුදින Sky News නාළිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, පසුගිය ලෝක යුද්ධ දෙකට බලපෑ සන්සිද්ධීන් සහ එහි සන්දර්භයන් විමසා බැලීමේදී ලොව පුරා මේ වනවිට පැතිර ඇති වත්මන් “කලාපීය අර්බුධ” ලෝක යුද්ධයක් කරා වර්ධනය විමේ දැඩි අවදානමක් පවතින බවයි.
මෙම ප්‍රවීන හමුදා ප්‍රධානියා අනතුරු හඟවන්නේ Covid-19 නිසා ලොවපුරා පැන නැගී ඇති මෙම අවුල් සහගත මෙන්ම අවිනිෂ්තිත සන්ධර්බය තුල කලාපීය බළවතුන් එකිනෙකා පරයා යෑම සඳහා දරණ ප්‍රයත්නයන් අවසානයේ වැරදි තීන්දු කරා එළඹීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
ඉතිහාසය නැවත ඒ ආකාරයටම පුනරාවර්තනය නොවූවත් පසුගිය ශත වර්ෂයේදී ඇතිවූ ලෝක යුද්ධයන් දෙකටම පෙර පැවති තත්වයන් අවසානයේදී ගත් වැරදි තීන්දු පිළිබඳ “ඉතිහාසයේ රිද්මය” අමතක නොකළ යුතු බව පවසන ඔහු අවසාන වශයෙන් නැවත නැවතත් පවසා සිටින්නේ එවැනි අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම ලොවෙහි නැවත ඇති වීමක් අප කිසිවෙකු අපේක්ෂා නොකළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More