කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අදාළ රියදුරා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් සඳහන් කළේ.
කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අදාළ රියදුරා නගර සභාවට පැමිණ නැහැ.
එහෙත් අද (09) පෙරවරුවේ එම රියදුරා නගර සභා පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් පැය කිහිපයක් එය වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සේවා සඳහා විවෘත කළ බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.
එමෙන්ම ආසාදිත රියදුරාගේ ආශ්‍රිතයන් අටදෙනෙකුද නිරෝධායනය සඳහා යොමුකළ බව ඔහු ප්‍රකාශ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...