දේශීය පුවත්

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු, පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම මගින් නිකුත් කර තිබූ නොතීසි ප්‍රකාරව අද එම කොමිසම හමුවට පැමිණි බව වාර්තා වේ. ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ. සී. අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු කොමිසමේ හමුවේ පෙනී සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම පිහිටවනු ලැබුවේ 2015 ජනවාරි 8 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහාය.

මෙම මන්ත‍්‍රීවරුන් පස් දෙනා ප‍්‍රසිද්ධ ස්ථානයකදී ජනමාධ්‍ය ඉදිරියේ ඉහත කී “ජනාධිපති කොමිසමේ” අධිකාරි බලයට විරුද්ධව සහ කොමිසමට අගෞරව වන පරිදි ප‍්‍රකාශ සිදු කිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇතැයි යන නිග්මනයට එම කොමිෂන් සභාව එළඹ තිබීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් පස් දෙනා හොමිසම හමුවට පමුනුවා ඇති බව වාර්තාවේ.

පරීක්ෂණ කොමිෂන් සභා පනතේ පනතේ 10 වන වගන්තිය යටතේ සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ ඇති ප්‍රතිපාදන ප්‍රකාරව කොමිසම මෙම තීරණයට එළඹ ඇති බවද වාර්තාවේ.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මේ අනුව අදාළ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කළ යුතු බවට පසුගිය නොවැම්බර් 06 වැනිදා තීරණය කළ අතර ඒ අනුව අදළ මන්ත්‍රීවරුන් කොමිසමට විරුද්ධව සහ කොමිසමට අගෞරව වන පරිදි ප්‍රකාශ සිදු කර ඇති බවට අභියාචනාධිකරණයට වාර්තා කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More