දේශීය පුවත්

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

දෙවැනි වරට ඇතිවූ කොවිඩ්19 වෛරස් ආසාදන රැල්ල අතිකිරීමට දායක වූ පිරිස් අතර මුහුදු මාර්ගයෙන් පැමිණි අය ද වෙනත් නීති විරෝධී මාර්ග වලින් මෙරටට ඇතුළු වූ පිරිස්ද සිටිය හැකි බව ඔහු පැවසුවේය.

ඒ අනුව මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කියා සිටි යුද හමුදාපතිවරයා,පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති ගුවන් යානා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතුව ඇති බව ද අවධාරණය කළේය.

මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳන් කරන්නේ නීති විරෝධී ක්‍රම මගින් මෙරටට ඇතුල් වෙන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දැනටමත් ආරම්භකර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More