දේශීය පුවත්

නිරෝධායන ඇඳිරිනීතිය අද (9 වැනිදා) දිනයේ ඉවත් කළ බැවින්, කාර්යාල දුම්රියන් 48ක් ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යාල දුම්රියන් සියල්ල ධාවනයේ යෙදුණද දුර ගමන් සේවා දුම්රියන් කිසිවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියි.

හෙතෙම පැවැසුවේ දුම්රිය ධාවනයේ යෙද වූවද දැනට ඇඳිරිනීතිය ඉවත් කර නොමැති ප්‍රදේශවල දුම්රිය ස්ථානයන්හි දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බවය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේ සියලුම මගීන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් දුම්රියට ගොඩවිය යුතු බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, හොරපෙ, කැලණිය, රාගම, වනවාසල, වල්පොළ, එඬේරමුල්ල සහ බටුවත්ත යන දුම්රිය ස්ථානවල, දුම්රිය නතර ​නොකෙරේ. පුත්තලම මාර්ගයේ පේරලන්ද උප දුම්රිය ස්ථානය, කුරණ, ජා ඇල, මීගමුව, තුඩැල්ල, කට්ටුව සහ කුඩහකපොළ යන දුම්රිය ස්ථානවල දුම්රියන් නතර කරන්නේ නැත.

මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ පින්වත්ත උප දුම්රිය ස්ථානවල කැලණි වැලි මාර්ගයේ බේස්ලයින් දුම්රිය ස්ථානයේ හා කොටා පාර උප දුම්රිය ස්ථානයේද, උතුරු මාර්ගයේ කුරුණෑගල හා මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානවලද දුම්රිය නතර කිරීම සිදුනොකෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More