එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ නව ජනපති ජෝ බයිඩ්න් හා උප ජනාධිපති කමලා හැරිස් ලද මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව සමග එක්ව සුබ පැතුම් එක්කරන බවයි.
‘‘වඩාත් ශක්තිමත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන හවුල්කාරීත්වයක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙමු’’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයාට මෙලෙස සුබ පැතුම් එක්කර ඇත.
‘‘අපගේ දෙරට අතර වසර 72 රාජ්‍යතාන්ත්‍රික සබඳතා සනිටුහන් කර ඇති අතර, අපගේ ජනතාවට වාසි සැලසෙන අයුරින් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර සබඳතා තවදුරටත් වැඩි දියුණු කිරීමට ඔබ සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි’’ යැයි එහි සඳහන්ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් අභිනව එක්සත් ජනපද ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර ඇත්තේ මෙලෙසිනි.
‘‘ඔබට මෙන්ම ඔබගේ උප ජනාධිපති කමලා හැරිස්ටද ඇමෙරිකාව වෙනස් කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගල නිදහස වෙනුවෙන් වන අරගලයේදී නායකත්ව කාර්යභාරයක් ඉටු කරනු උදෙසා වන ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමු.’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...