පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලබාදීමට, තවත් සති 02ක කාලයක් දෙන්නැයි එම කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මෙම කොමිසමේ නිල කාලය අද (09 වැනිදා) අවසන්වීමට නියමිත අතර ඒ අනුව එහි අවසන් වාර්තාවද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නමුත් රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ජනාධිපති කොමිසමේ කාර්යය මණ්ඩලයට සිය රාජකාරි සඳහා පැමිණීමේ අපහසුතාවය සලකා බලා අද (9 වැනිදා)දින සිට තවත් සති 02ක කාලයක් කොමිසමේ නිල කාලය දීර්ඝ කරන ලෙස සභාපති විනිසුරුවරයා එලෙස ඉල්ලා තිබේ.
මෙම ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 1842ක් ලැබී තිබූ අතර එයින් කොමිසමේ අධිකාරි බලය යටතට වැටෙන පැමිණිලි 112කට අදාළ විභාගය අවසන් කර ඇත. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
2015 ජනවාරි 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලසීමාවේදී සිදුවූ දේශපාලන පළිගැනීම් විමසීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කළ අතර සෙසු විනිසුරුවරු ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කටයුතු කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...