ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමෙන් පසු මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදුන්නේ විනිවිදභාවයකින් යුතුව බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
කිසියම් ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් අනුමැතිය ලබාදෙයි. ඒ ආකාරයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකටද අනුමැතිය ලබාදුන් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය.
මෙම ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකෙන් මිලියන 120ක තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිලදී ගෙන ලෝකයේ රටවල් රැසකට බෙදාදීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාවටද ලක්ෂ ගණනක තොගයක් ලැබෙන අතර එහි පළමු තොගය ලෙස ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂයක් අද (9 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනැමීමට නියමිතව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේදී එම තොගය රාජ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් භාරගන්නා බව වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ප්‍රථම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල තොගයද එයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...