දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කිරිමට කටයුතු කෙරුණත් තෝරාගත් පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කොට තබන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යය වෙත පවසා සිටියේය.
එසේ වසා තැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ වන්නේ,මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසෙල්වත්ත යන පොලිස් බලප්‍රදේශයි.
එම පොලිස් බල ප්‍රදේශ වලට අමතරව,මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි මෙත්සද සෙවණ සහ මිහිජය සෙවණ, මෝදර ප්‍රදේශයේ පිහිටි රන්මුතු සෙවණ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි සිරිසර උයන සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි NHF යන මහල් නිවාස සංකීර්ණ වල සිටින ජනතාවට ඉන් පිටතට යෑමට හෝ කිසිවෙකුට ඇතුල්වීමට අවසර නොදෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල යන පොලිස් බලප්‍රදේශද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය ද
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය ද කුලියාපිටිය පොලිස් වසම ද හුදෙකලා කොට තබන බව යුද හමුදාපතිවරයා පවසා සිටියේය
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශද හුදෙකලා කොට තබන පොලිස් බලප්‍රදේශ වලට අයත් වේ.
කෙසේ වුවද හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවල සිටින ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආදිය ලබාදීමට අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක බවද හමුදාපතිවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...