දේශීය පුවත්

ලබන වසරේදී රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා අපනයනය පුළුල් කිරීමේ යෝජනා 2021 අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ලබන 17 වන දින 2021 වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇතුළු දේශීය වශයෙන් ආදායම් ලැබෙන මාර්ග අවහිර වී තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ අදහසයි.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇතුළු දේශීය වශයෙන් ආදායම් ලැබෙන මාර්ග අවහිර වී තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ අදහසයි.

එම නිසා තේ, පොල්, රබර් සහ නිමි ඇඳුම්වලට අමතරව වෙනත් නිෂ්පාදනද අපනයනය කර ආදායම් වර්ධනය කර ගැනීමේ යෝජනා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කොවිඩ් – 19 වයිරසයෙන් මිදීම සඳහා ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ අත් සේදීමේ දියරද මෙරට නිෂ්පාදනය කරන අතර ඒවාද විදේශගත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට ලබන 17 වන දින ඉදිරිපත් කිරීමට නියමිත 2021 වර්ෂයේ අයවැය ලේඛනය දින දහයක් පමණක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත. දෙවන වර කියවීමේ විවාදය දින හතරක් සහ කාරක සභා විවාදය දින හයක කාලයක් පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී කියා සිටියේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් විවාදය පවත්වන දින ගණන අවම කළ යුතු බවයි. ඒ පිළිබඳව හෙට (09) පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණය ගන්නා බව ඔහු අවධාරණය කර සිටියේය. මෙම වර්ෂය සඳහා වූ අයවැය ලබන 12 වැනිදා පමණක් විවාදයට ගැනීමට නියමිතය.

බ්‍රහස්පතින්දා (12) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමට මාධ්‍යවේදීන්ට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ හෙට (09) පවත්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

කොඩිඩ් ව්‍යාප්තිය නිසා පසුගිය අඟහරුවාදා පැවැති රැස්වීමද පාර්ලිමේන්තුවට පැමිණ ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබිණි.

2020 වසරේ සේවා වියදම් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව මෙම 12 වැනිදා රැස්වීමට නියමිතය.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට සවස රැස්වීමට තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More