කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙරට ප්‍රභූ පවුල් වල කිහිපදෙනකු සදහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකටම ඩොලර් 140 බැගින් වැයකර මෙම එන්නත ප‍්‍රභූ පවුල් කිහිපයක් පමණක් විදගෙන ඇතැයි ද ඔහු පැවසුවා.
ජනතාවට මිථ්‍යාව පෙන්වමින් ගංගාවලට කලගෙඩි අතහරිමින් සිටියදී ප්‍රභූ පවුල්වල සාමාජිකයන් චීනයෙන් ගෙනැවිත් මෙම එන්නත විදගන්නා බවද ඔහු සඳහන් කළා.
කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු එන්නතක් විදගැනීම ගැන ප්‍රශ්නයක් නැති බවත් ජනතාවට අවශ්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...