දේශීය පුවත්

බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියි. ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පැවසු ඔහු, එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව ක්‍රියා සිටියේය.

මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පලාතට බවත් කී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීයා, කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.

කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බවයි.
ජනාධිපතිවරයා පවසන්නේ, තීන්දු තීරණ ගැනීමේදී සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කරමින් නිවරැදි තීරණ ගත යුතුව ඇති බවය.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 04 දා පැවැති සාකච්ඡාවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More