පී. සී. ආර්. පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප‍්‍රශ්නසහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
ඊයේ 06 දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වාර්තා වන අන්දමට ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ කට්ටල ගෙන්වා ඇත්නම් එයට අවසර ලබා දුන්නේ කවුදැයි ප‍්‍රශ්න කළ හෙතෙම ඒ පිළිබඳව කරනු ලබන පරීක්‍ෂා කිරීම්වලදී අදාළ කට්ටල ප‍්‍රමිතියෙන් තොර බව වාර්තා වුවහොත් මෙලෙස ගෙන්වනු ලැබූ තොගයට සිදුවන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කර සිටියේය.
මේ අතර කොවිඞ් ප‍්‍රතිදේහ ලක්‍ෂණ පිරික්සීමේ ඇන්ටිජන් පරීක්‍ෂණ මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර පැවති සාකච්ඡුාවකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඇන්ටිජන් නැතහොත් කොවිඞ් 19 වෛරසයට ආවේණික ප්‍රෝටීන් (ඇන්ටිජන්) හඳුනා ගැනීමේ සාම්පල පරීක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය.
මේ වන විට ඒ පිළිබඳව රසායනාගාර පරීක්‍ෂණ සිදුකරමින් පවතින බවත් එම වාර්තාව ලැබුණු පසු ‘ඇන්ටිජන්’ ටෙස්ට් කිරීමට බලාපොරොත්තු වන බවත් ලබන සතිය අවසානයේදී මෙය හඳුන්වා දීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරන බවත් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...