දේශීය පුවත්

“බටහිර වෛද්‍යවරුන් අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට එහෙමත් නැත්නම් හෙළ වෙදකමට දක්වන්නේ අඩු සැලකිළි. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්“ යැයි දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර කර තිබේ.

එහිදී තවදුරටත් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද සඳහන් කර තිබේ.

“අපේ බටහිර වෛද්‍යවරු දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට දක්වන්නේ අඩු සැලකිල්ලක්. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරුන් ඒ නොසැලකිල්ලම සිදු කරනවා. අපේ පාරම්පරික වෛද්‍යවරුන්ටත්, ඒ නිසා සමස්ත දේශීය වෙදකම ගොඩනැඟීම තමයි අපේ අමාත්‍යාංශයේ අරමුණ වෙලා තියෙන්නේ. කොරෝනා වසංගතයට දේශීය ඖෂධ රාශියක් මේ වෙනකොට එළිදක්වා තිබුණත් සායනික පරීක්‍ෂණයක් සඳහාවත් මෙතෙක් අපිට ඉඩ ලබාදීලා නැහැ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශිත නිර්දේශ අනුව අවුරුදු සිය ගණනක් පැවතගෙන එන පාරම්පරික ඖෂධ සායනික පරීක්‍ෂණයකින් තොරව රෝගීන් වෙත ලබාදිය හැකි බව දන්වා තිබෙනවා. ඒ වගේම චීනය වැනි රටවල් රෝගියා බටහිරද, දේශීයද යන ප‍්‍රතිකර්මවලින් තමුන්ට කැමති ප‍්‍රතිකර්ම ක‍්‍රමවේදය තෝරා ගැනීමට නිදහස තිබෙනවා. ඒ නිසා අද අවශ්‍ය වන්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයත්, දේශීය වෛද්‍ය ක‍්‍රමයත් එක්කාසුවූ ප‍්‍රතිකර්ම ක‍්‍රමයකට යෑමයි. මේ බලපෑම් කරන වෛද්‍යවරුන් ලබා ගන්නෙත් සාම්ප‍්‍රදායික දේශීය ඖෂධ වර්ග.“ යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More