දේශීය පුවත්

බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජන ඝනත්වය ඉතා අධික වූ මෙම ප්‍රදේශවල සෙසු ජනතාවට රෝගය පැතිරී ඇති ආකාරය සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් මෙම අහඹු පි.සි.ආර් පරීක්ෂණ සිදු කර තිබේ.

මෙසේ හඳුනා ගැනෙන අසාදිතයන් අදාළ රෝහල්වලට යැවීමට අදාළ කටයුතු සංවිධානය කරමින් පවතින අතර එම රෝගින් සිටින ප්‍රදේශ සම්බන්ධයෙන් බලධාරීන් තීන්දුවක් ගන්නා බවද වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් තම නිවාස තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා දෙවැනි රැල්ලේ මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක් වේ.

මෙම දෙවන රැල්ල සමඟ සිදුවූ මරණවලින් වැඩි ප්‍රමාණයක් ද වාර්තා වූයේ කොළඹ නගර සභා සීමාව තුළින්ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More