ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සහය පුහුණු කාර්ය මණ්‌ඩලයේ වෙනසක්‌ සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර ඇති අතර එම වෙනස්‌කම් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ වෙනස්‌කම් අතර ජාතික කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු සහ දඟ පන්දු පුහුණුකරු පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමුව තිබේ. ඒ අනුව එම පුහුණුකරුවන් දෙදෙනා විදේශයකින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර ඇත.

“අපිට අවශ්‍යයි හොඳ වේග පන්දු පුහුණුකරුවකු සහ දඟ පන්දු පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට. ඒ දෙන්නා බොහෝ දුරට විදේශයකින් ගෙන්වා ගැනීමට තමයි සාකච්ඡා කරමින් ඉන්නෙ. විශේෂයෙන් වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්‌වෙනවා වැඩියි. තරගයක්‌ ගහන කොට තව තරග කිහිපයක්‌ ආබාධ නිසා ගහන්න වෙන්නෙ නැහැ. මේ තත්ත්වය මග හැර ගන්න තමයි මේ තීරණය ගෙනාවේ. කොහොම වුණත් වේග පන්දු පුහුණුකරු හෝ දඟ පන්දු පුහුණුකරු කවුද කියල දැන්ම කියන්න බැහැ. අයෑදුම්පත් කැඳවලා හොඳම කෙනා තෝරා ගන්නවා. ඒ දෙන්නා කොහොමත් විදෙස්‌ පුහුණුකරුවන් දෙන්නෙක්‌ තමයි.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු සාමාජිකයකු “දිවයින” කළ විමසීමකදී පැවසීය.

ඒ අනුව දැනට ජාතික කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු රොමේෂ් රත්නායක යොවුන් වේග පන්දු පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වශයෙන් පත්කිරීමට නියමිතය. ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට කදිම ආදේශකයන් සොයා ගැනීමේ කර්තව්‍ය ඔහුට පැවරෙන ප්‍රධාන අභියෝගය වී තිබේ. දඟ පන්දු පුහුණුකරුද විදේශයකින් ගෙන්වා ගැනීමට නියමිත වුවත් අදාළ පුහුණුකරු කවුරුන්ද යන්න තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර නොමැති අතර ඉදිරියේදී අයෑදුම්පත් එවන පුහුණුකරුවන් අතරින් හොඳම සුදුස්‌සා ඒ වෙනුවට තෝරා ගනු ලබයි.

පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික්‌ පෝතාස්‌ සිය රාජකාරියට සමුදීමත් සමඟ අදාළ පන්දු රැකීමේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුවකු වන මනෝඡ් අබේවික්‍රමව පත්කිරීමට නියමිතය.

දක්‍ෂතා ඉහළ දැමීමේ කළමනාකාරු ලෙස කටයුතු කළ සයිමන්ස්‌ විල්ස්‌ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහව පත්කිරීමට නියමිතය. ඒ වෙනුවට විදේශ ජාතිකයකු පත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More