දේශීය පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමඟ ජන්දය දුන් සමඟි ජන බලවේගයේ 8 දෙනා සමඟින් තමා කතානායකවරයාට යැවූ ලිපියට තවමත් පිළිතුරු නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ ආණ්ඩුව සමග ජන්දය දුන් ඔවුන් 8 දෙනා සමඟි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කර ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන ලෙස ඉල්ලමින් කිරිඇල්ල මහතා කතනයකවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය කුමක් දැයි යැයි යන්න විමසු අවස්ථාවේදීය.

ඉකුත් නොවැම්බර් 3 වනදා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉතා සුළු වෙලාවකට පාර්ලිමේන්තුව පැවැත්වූ නිසා කතානායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් තමා ද ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසුවේ නැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

20ට පක්ෂව දුන් සමගී ජන බලවේගයේ 08 දෙනා ආණ්ඩුවේම කොටසක් බැවින් ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවිය යුතු බවත් ඔවුන්ට කතා කිරීමට අවශ්‍ය කාලය ආණ්ඩු පක්ෂයෙන්  ලබා දිය යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More