දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම නිසා අභිනව විනිසුරුවරුන් හය දෙනෙකු පත් කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත.

ඒ අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විනිසුරු එච්.එම්.ඩී.ඒ. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ නම් පාර්ලිමේන්තු සභාවට යවා ඇත. මේ අය ජනාධිපතිවරයා විසින් තෝරාගෙන ඇත්තේ දැනට අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ අනුව අග විනිසුරුතුමාගේ නිර්දේශය අනුවය.

මෙම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමත් සමඟ පුරප්පාඩු වන අභියාචනාධිකරණ සභාපති තනතුර සඳහා අභියාචනාධිකරණයේ සිටින අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ඒ අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More