කොවිඩ් -19 වෛරසය වැළඳුනු ගැබිනි මවක් අද (06) නීරෝගී දරු උපතක් සිදුකළ බව වෛද්‍යවරු පවසති.
එහිදී ඇයට සිදුකර තිබූ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බව නැගෙනහිර කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි.
මේ අතර මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කළ වෛද්‍යරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ලබන 9 වනදා තෙක් තාවකාලිකව වසා දැමුණි.
අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.
තවද, රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි පහළොස්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.
ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු ද සිටින අතර සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් ය.
එමෙන්ම හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තවත් පුද්ගලයන් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...