අද දින පොළොන්නරුවේදී වී මෝල් හිමියන් පිරිසක් මුණ ගැසුණු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා විසින් පැන වූ පාලන මිල වෙනස් නොකරන බවය.
ගොවියාට වැඩි මිලක් ගෙවා ඇති බැවින් එම මිලට කෙසේවත් සහල් ලබා දිය නොහැකි බවට මෝල් හිමියන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි පිළිබඳව අමාත්‍යවරයා සැලකිල්ලක් නොදැක්වූ බවද වාර්තාවේ.
වැඩි මිලට වී ගත්තා නම් පාඩුව විඳ ගත යුතු බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද වාර්තාවේ.
ඒ අනුව බොහෝ මෝල් හිමියන් වෙළඳපොලට සහල් නිකුත් කිරීම අත්හිටුවීමට සහ මෝල් වසා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ.
මෝල් හිමියන්ගේ මතය අනුව සාමාන්‍ය මිලට හෙවත් රු 50ට වී මිලදී ගත්තත් බන්දුල ඇමතිවරයා කියන මිලට සහල් ලබා දීමට කිසිසේත්ම කළ නොහැක.
ඒ අනුව ජනාධිපතිතුමා මැදිහත්වී සාධාරණ පාලන මිලක් පනවා සහල් කර්මාන්තය සහ වී ගොවිතැන බේරා ගැනීමට කටයුතු කළ යුතු බවට මෝල් හිමියෝ ඉල්ලා සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...