රාජ්‍ය සේවයේ පවතින සියලු පුරප්පාඩු පිරවීමට රජය තීරණය කර ඇත. සියලු බඳවාගැනීම් අත්හිටුවමින් ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කර ඇති මුදල් අමාත්‍යාංශය පුරප්පාඩු පිරවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කිසියම් ආයතනයක තනතුරු සඳහා පුරප්පාඩු පවතී නම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ බඳවා ගැනීම් සිදු කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
සියලු බඳවා ගැනීම් සේවා ව්‍යවස්ථාවට අනුව සිදු කළ යුතු අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනද වෙන් කර ගත යුතුය. ප්‍රාථමික සේවා ගණනයේ තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට තීරණය කර තිබේ. සෑම බඳවා ගැනීමක් පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ මුදල් කොමිසමද දැනුවත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...