පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිටිනවා.
හෙට්ටිපොල හෝටලයක සේවය කළ මොහු කොරෝනා රෝගියෙක් හෝටලයට පැමිණීම නිසා එහිදීම නිරෝධායනය කරනු ලැබුවා.
පසුව නිරෝධායනය අවසන් කර ඉතිරි දින 14 නිවසේ නිරෝධායනයට යොමු කළ යුතු ඔහු මාර්ගයේ මියගොස් සිටියා.
එවන් පුද්ගලයන් පොලිසියට බාර දී නිවසට ගෙනවිත් නිරෝධායනය කරවිය යුතු වුවද මෙලෙස තනිවම මාර්ගයේ මරණයට පත්වුයේ කෙසේද යන්න මෙතෙක් වාර්තා නොවන බවයි මාධ්‍යවේදී ජූඩ් සමන්ත මහතා සඳහන් කළේ.
8 C කුරුණෑගල පාර ,පුත්තලම ලිපිනයේ පදිංචි 55 හැවිරිදි ඔහු ධර්මලිංගම් වසන්දන් නම් වනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...