කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.
එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කරයි.
ඒ අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...