දේශීය පුවත්

තමිල්නාඩුවේ දේශපාලන සරණාගතයකු වශයෙන් ජීවත් වී සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් මෙරටට පැමිණි පුද්ගලයකු යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායනයට ලක්කර තිබේ.

වසර 25කට පසු මෙම පුද්ගලයා මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇත. යාපනය කිරිමලෙයි ප්‍රදේශයේ පදිංචි සිය සොයුරියගේ නිවසේ ඔහු රැඳී සිට ඇත. ඇය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් නවදෙනකු ද නිවෙසේම දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

1996 වසරේදී පැවැති යුදමය වාතාවරණය හමුවේ මෙරටින් ගොස් ඇති මෙම පුද්ගලයා වසර 25ක කාලයක් තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන සරණාගතයකු වශයෙන් ජීවත්ව සිට ඇත. ඔහු පසුගියදා තමිල්නාඩුවේ සිට මුහුදු මගින් මන්නාරම දක්වා පැමිණ ඇත්තේ රුපියල් 50,000ක බෝට්ටු ගාස්තුවක් ගෙවමිනි.

මන්නාරමේ සිට යාපනය කිරිමලෙයි දක්වා රුපියල් අට දහසක මුදලක් ගෙවා කුලී ත්‍රිරෝද රථයකින් ඔහු ගොස් තිබේ. මෙම පුද්ගලයාගේ පැමිණීම පිළිබඳ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් කර ඇති අතර අදාළ අංශ විසින් ඔවුන්ව නිරෝධායනයට ලක්කර ඇත්තේ ඒ අනුවය.

නි​රෝධායන කාලය අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයාට එරෙහිව සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීමට අදාළව නීතිමය පියවර ගැනීමට නියමිත අතර මොහු මන්නාරමේ සිට පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරු මෙතෙක් හඳුනාගෙන නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More