ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධිකරණය පිළිබඳ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.
ලබන දෙසැම්බර් මස 03 සහ 04යන දෙදින තුළ මෙම සැසිවාරය පැවැත්වීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සභා සමාජිකයින් 150 දෙනෙකුගේ යොජනාවකට අනුව අදාළ සැසිවාරය පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ සියලු සාමාජික රාජ්‍යවල නියොජිතයින් දැනුවත් කිරීමට නියමිත බව සඳහන් වේ.
කෙසේවෙතත් කොවිඩ් අවදානම හේතුවෙන් මෙම සැසිවාරය මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව එකසත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...