ශ්‍රි ලංකාවේ කොවිඩ්19 වෛරසය පැතිරීම නිවාස කරා පැමිණ ඇති බවත් කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් ස්ථානයකට අද ශ්‍රී ලංකාව පැමින සිටින බවත් ඒ සම්බන්ධයෙන් බලධාරින් දැඩි අවධානය යොමු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,දෙවැනි කොරෝනා වටයේදී මියයන ඇතැමුන් කොරෝනා ආසාදිතයින් යයි දැනගන්නේ මරණයෙන් පසු ව බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළේය. ඔහුට අනුව මෙම තත්වය ඉතා බරපතල තත්වයකි.
එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
“අද වන විට නිවාස ආශ්‍රිතව නිරෝධායනට ලක් කර ඇති හැට දහසක පමණ පිරිසක් ලංකාව පුරා විසිරී සිටිනවා ඔවුන්ගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වීමට නියමිතයි. එම පුද්ගලයන් සඳහා කොවිඩ්19 පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය පීසීආර් කට්ටල ඇති දැයි ගැටළුවක් තිබෙනවා” යැයි පවසා සිටියේය.
තවද,”පීසීආර් පරීක්ෂණයක් නොකර නිරෝධයනයට ලක්වූ කෙනෙකු සමාජයට මුදා හැරීමට නොහැකි තත්වයක් මතුව තිබෙනවා. දින දාහතරෙන් පසුව නිරෝධයනයට ලක්වූ ඇතැමුන් කොරෝනා ආසාදිත තත්ත්වය පෙන්වනවා” යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...