දේශීය පුවත්

මෝල් වලින් සහල් නිකුත් කළ යුතු මිල ගණන් අනුව කිසිසේත්ම සහල් ලබාදිය නොහැකි බව කුඩා මෝල් හිමියන් පවසති. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ මරදගහමුල සමිතියේ ප්‍රභලයෙකු සඳහන් කළේ ඉදිරි දින වල වෙළඳපොළ තුළ බරපතල සහල් හිඟයක් ඇතිවන බවය.

ඔහුට අනුව සහල් වෙළඳපළට 80% ක් සහල් සපයන්නේ කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් හිමියන්ය. රු. 50 සිට 56 දක්වා මිල ගණන්වල මිලදී ගත් වී වලින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියන ගණන් වලට සහල් ලබාදිය නොහැකි බවත් ඒ නිසා ජනාධිපතිතුමා මැදිහත් වී ප්‍රශ්නය විසඳන තුරු සහල් කෙටීම නවතන බවද ඔහු කියයි.

ඔහුට අනුව මෙය එක් පැත්තකින් කුඩා මෝල් වසාදමා දීර්ඝ කාලීනව සහල් කර්මාන්තය සහ වී වගාව විනාශ කිරීම සඳහා තිරිඟු පිටි මාෆියාව ගෙන යන කුමන්ත්‍රණයකි.

අනෙක් පැත්තෙන් කෙටි කාලීනව සහල් හිඟයක් ඇති බව කියමින් සහල් ආනයනය කොට කොමිස් ගැසීමට බලා සිටින එවුන්ගේ කුමන්ත්‍රණයකි. පසුගිය දින වල වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් සහල් මෙ.ටො ලක්ෂ 2 ක් ආනයනය කිරීම සඳහා ඇමති මණ්ඩල අවසරය ඉල්ලූ බව වාර්තා වේ.

හදීසියේ සහල් මිල පාලන ගැසට්ටුව සංශෝධනය කළේ මෝල් හිමියන් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More