දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම් තම සංගමයට මෙම තීන්දුව ගැනීමට සිදුවනු ඇති බවකි.

එසේ නොකරන්නේ නම් තාක්‍ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තාවන රෝගීන් සිතියම් ගත වුවහොත් පමණක් බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම සිතියම් ක්‍ෂේත්‍රයේ සිට යතාවත් කිරීම නිවැරදිම ක්‍රමවේදය යැයි ද සඳහන් කළේය.

කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේද දිස්ත්‍රික්කයේද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද, ග්‍රාම නිලධාරී වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More