දේශීය පුවත්

ඊයේ දින නිකුතු කළ සහල් මිල පාලන ගැසට්ටුව මගින් සමස්ථ සහල් කර්මාන්තය සහ වී ගොවිතැන කඩා වැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

අංක ගණිතය කෙසේ වෙතත් මොළේ කළඳක් ඇති එකකුට රු. 50 ට වී මිලදී ගෙන රු. 94 ට තම්බපු හාල් දෙන්න බැහැ යනුවෙන් ආවේගාත්මක අදහස් දැක්වූ ඔහු තවදුරටත් සඳහන් කළේ ආණ්ඩුව තුළ සිටින ආර්ථික ඝාතකයින් සහ කොමිස් කාක්කන් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවය.

කෝවිඩ් වසංගතය පිට දමා එසේ හාල් මිල අඩු කළ විට වෙළඳපොළේ සහල් හිඟයක් ඇතිවන බැවින් සහල් ආනයනය කිරීමට ඉඩ ලැබෙන බව ඔහු පවසයි.

තවදුරටත් චෝදනා කළ ඔහු සඳහන් කළේ රිෂාඩ් බදිඋදීන් වෙළඳ ඇමතිව සිටි සමයේදී ආනයනික සහල් මෙ.ටො 1 කට ඩොලර් 100 ක කොමිස් ගත් බවට චෝදනා එල්ල වූ බවය.

ඒ අනුව වර්තමාන වෙළඳ ඇමතිගේ උනන්දුව කුමක්දැයි පැහැදිළි වන බවද ඔහු කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More