සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බවය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවලින් අපිට කතා කරලා කියනවා PCR පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක 5ක ප්‍රමාදයක් තියෙනවා කියලා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕනේ. පැය 48ක් ඇතුළත ලැබෙන PCR ප්‍රතිඵල ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා. පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා,” යනුවෙනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...