වාසුදේව නානායක්කර මහතා අද එතුමාගේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නැති නමුත් ද්විත්ව පුරවැසියෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිනෙනවාට තමන් විරුද්ධ බවයි.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වාසුදේව නනයක්කාර මහතා”බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිමේ හැකියාව තිබෙනවා. දැන් සම්මත කර ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය අත නොහැර ද පාර්ලිමේන්තුවට පැමිණිමේ හැකියාව තිබෙනවා. නමුත් එවැනි ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරනවා” යැයි පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...