දේශීය පුවත්

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

මෙසේ විසඳුම් ලබා දීම පිණිස අවශ්‍ය තීන්දු ගැනීමට ඊයේ (03) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද සහභාගි විය.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයනික තහනම දේශීය කර්මාන්තකරුවන්ට බලපා ඇති ආකාරය තාර්කිකව සලකා බලා අවශ්‍ය පියවර ගැනීමේ දී දේශීයව නිපදවිය නොහැකි නිසා කඩිනමින් එකී තහනම ඉවත්කළ යුතු භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කරන තෙක් තාවකාලිකව තහනම ඉවත්කළ යුතු භාණ්ඩ හා කිසිසේත්ම ආනයනය නොකළ යුතු භාණ්ඩ යනුවෙන් ලයිස්තු ගත කිරීමක් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

ඉහත ලැයිස්තු සැකසීම මෙම සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අදාළ අමාත්‍යාංශ දෙකෙහි ඉහළ නිලධාරීන්ගෙන් සහ රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සැකසීමට නියමිතය. එම ලැයිස්තුව සැකසීමෙන් අනතුරුව අවසන් තීරණය ගැනීම සඳහා ලබන අඟහරුවාදා අමාත්‍යවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවේ දෙවන අදියර පැවැත්වෙනු ඇත.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම් .ඒ. රත්නායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තීරුබදු), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More