බස්නාහිර පළාත වසා දැමීම සඳහා ගනු ලැබූ තීන්දුව පමා වීම නිසා ඇති වූ අවාසිදායක තත්වය තව දුරටත් වර්ධනය කරමින් ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා දිගටම පවත්වාගෙන යාමට අවසර දිම පිළිබව ගම්පහ කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් විරෝධය පළ වී ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් දක්වා ඇති බව වාර්තා වේ. මේ වන විට හොරණ ප්‍රදේශයේ සේවකයින් 5000 ක් පමණ සිටින කර්මාන්ත ශාලාවකින් කොවිඩ් – 19 රෝගීන් හමුවීම සමඟ මෙම තත්වයේ බැරෑරුම්කම පැහැදිළි වන බව වෛද්‍යවරු පවසති.
අපනයන ඇනවුම් හඹායන කර්මාන්තශාලාවල සේවක්යින්ගේ ශරීර වලට වයිරසය ඇතුල් වන්නේ නැත්දැයි එම වෛද්‍යවරු ප්‍රශ්ණ කරති. මෙම තත්වය නිසා පමා වී වසා දැමීමට ගනු ලැබූ තීන්දුවන් පවා නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වන බව ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...