දේශීය පුවත්

මොනරාගල බන්ධනාගාරයේ ඊයේ(3 ) බන්ධනාගාර නිළධාරීන් සහ රැඳවියකු අතර සිදුවූ ගැටුමකින් පසුව රැඳවියා මිය ගොස් බන්ධනාගාර නිළධාරියෙකු තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. මිය ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42හැවිරිදි උපුල් නිලන්ත නම් රැඳවියකු ලෙස හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා නිතර නිතර අපරාධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන්නෙකු ලෙස හඳුනාගෙන ඇත. ඊයේ උදෑසන හිරකරුවන් ව්‍යායාම පිණිස රැගෙන යාමට සිර මැදිරි වල දොරවල් හැර දැමීමට ප්‍රමාද වීම සම්බණ්ධයෙන් මරණකරු සහ බන්ධනාගාර නිළධාරියා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු මරණකරු විසින් බන්ධනාගාර නිළධාරියාට ගොඩලකින් පහර දී තිබේ.

එම නිළධාරියා මුදවා ගැනීමට පැමිණි තවත් නිළධාරින් දෙදෙනෙකු විසින් මරණකරු මෙල්ල කර ගැනීමට එල්ල කළ පහර දීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තාවේ. මේ සම්බණ්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටියේ මරණකරු නිතර නිතර බන්ධනාගාරගත වන්නෙකු බවත් දරුණු ගනයේ අපරාධ රැසකට වග කිවයුත්තෙකු බවත්ය. නිරන්තරයෙන් බන්ධනාගාර නීති රීති වලට අභියෝග කරන ඔහු එම නීති උල්ලංඝනය කිරීමට නිරන්තරයෙන් පෙළෙඹෙන්නෙකු බව අවධාරණය කරනු ලැබීය.

කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට බදුල්ල බන්ධනාගාර කොමසාරිස්වරයා නම් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය. මොනරාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් සිදුකරන බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More