දේශීය පුවත්

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් – 19 වයිරස් ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල පැවැසීය. මානසික සෞඛ්‍ය දුර්වලවීමත් සමග රෝග සඳහා ප්‍රතිශක්තිය අඩුවීම ඊට හේතුව බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් – 19 ට එරෙහි සටන අදෘශ්‍යමාන වයිරසයකට එරෙහි ගෝලීය යුද්ධයක් බව ජාතික ‘මූලික අධ්‍යයන ආයතනයේ’ සභාපතිවරයා වන සුමතිපාල මහතා කීවේය.

‘‘අප මානසිකව පහත වැටී ඇත්නම්, චිත්ත ධෛර්යය පමණක් නොව අපගේ ශරීරයේ ප්‍රතිශක්තියද පහත වැටේ. අප කළ යුත්තේ වයිරසය ඉදිරියේ දණ ගසා උත්සාහයන් අතහැර දැමීම නොව, තවත් වසර දෙකක් අපට එය සමග ජීවත් වීමට සිදුවනු ඇති බව පිළිගැනීම සහ අපගේ ජීවිතයේ යම් යම් දේ වෙනස් කිරීම සහ අඩුපාඩු දරා ගැනීමට සූදානම් වීමයි’’ යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය. ‘සමාජ දුරස්ථභාවය’ යන යෙදුම පවා ඉතා වැරදි බවත් එය ‘පෞද්ගලික දුරස්ථභාවය’ ලෙස වෙනස් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මිනිසුන් ව්‍යාජ මිථ්‍යාවන් විශ්වාස නොකළ යුතු බවත්, රෝගීන් ශුන්‍ය කිරීම වැරදි ඉලක්කයක් බවත් පවසන මහාචාර්යවරයා, අපට කළ හැක්කේ ආසාදන මට්ටම සීමා කිරීම පමණක් බවද පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More