ප‍්‍රධාන පුවත්

මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භවූ පසුව දේශපාලන පෙරළි රැසක් අනිවාරයෙන්ම සිදුවන බවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල්තැබීම නිසා එම දේශපාලන පෙරළිවලට අවශ්‍යකරනු ලබන පසුබිම සකස්කරගැනීම සදහා කාලය ලැබී තිබෙන බවත් හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එම දේශපාලන පෙරළි කුමක්දැයි දැන්ම ප්‍රකාහ කිරීමට නොහැකි බවත් මැයි 08 වැනිදායින් පසුව ඒවා දැනගැනීමට හැකි බවත් ආණ්ඩුවට සිතාගැනීමටවත් නොහැකි දේශපාලන පෙරළි මැයි 08 වැනිදායින් පසුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේදී සිදුවිය හැකි බවත් එස්. බී. දිසානායක මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණි පසුව අප්‍රේල් මස 25 වැනිදා හෝ ආසන්න දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව එහිදී සම්මත කරගැනීමට ක්‍රියා කරන බවත් එස්. බී. දිසානායක මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩු විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැංවීමේ කටයුතුවලට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙන බවත් ඒ පිළිබදව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More