දේශීය පුවත්

දිවයින පුරා විසිරී පවතින සංවර්ධන ව්‍යාපෘති මෙහෙයුම් සහ කළමනාකරණ ඒකක 167ක් එළැඹෙන ජනවාරි මස සිට වසා දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

2021-2023 මධ්‍යකාලීන රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛයක මේ බව සඳහන් වෙයි.

එම චක්‍රලේඛයට අනුව 2021 වසරේ සිට අයවැය ලේඛනයෙන් මෙම ඒකක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශවලට යොමු නොකිරීමට තීරණය කර තිබේ. මේ සඳහා කෙටුම්පත් කළ නව චක්‍රලේඛයට පසුගිය ඔක්තෝබර් මස 08 වැනි දින අනුමැතිය ලබා දී ඇත. එහි සඳහන් වන්නේ ව්‍යපෘති කළමනාකරණ ඒකක ශාඛා කාර්යාලවල පහසුකම් සහ වැටුප් ව්‍යාපෘති අයත් අමාත්‍යාංශවල වියදම් සීමාව ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එන්.ආර්. ආටිගල පෙන්වා දී ඇති බවයි. එම නිසා අමාත්‍යාංශවල 2021 වසරේ ඇස්තමේන්තු සකස් කිරීමේ දී ව්‍යාපෘති කළමනාකරණ ඒකක හා ශාඛා කාර්යාල සඳහා වියදම් ඇතුළත් නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. ඒ අනුව 2021 වසරේ අයවැයෙන් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

කිසියම් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් අමාත්‍යාංශය යටතේ තවදුරටත් පවත්වා ගෙන යෑමට නම් විශේෂ ඇමැති මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතු වෙයි.

ව්‍යාපෘති කළමනාකරණ ඒකක මීට වසර 20කට පෙර මෙරට ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘති කාර්යාල සඳහා බොහෝ විට අරමුදල් සපයා ගන්නේ ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුව, ජපාන සහයෝගිතා අරමුදල සහ වෙනත් ආධාර ලබා දෙන මූල්‍ය ආයතන 16කිනි.

පසුගිය පස් වසාරේ මෙරටට ලබා ගෙන ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා එම මූල්‍ය ආයතන ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15937කට ආසන්න බව සංවර්ධන ව්‍යාපෘති වෘත්තිකයින්ගේ සංගමය පෙන්වා දෙයි. පශු සම්පත්, කෘෂිකර්ම, වැවිලි, මාධ්‍ය, පරිසර, වනජීවී, ආරක්ෂක, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර විසි හතරක් සඳහා මෙලෙස මූල්‍ය ප්‍රතිපාදන ආයෝජනය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘති කාර්යාලවල සේවක සේවිකාවෝ 15000ක් පමණ සේවය කරති. ඔවුන්ගෙන් සියයට 70ක් පමණ පශ්චාත් උපාධි, උපාධි ඇතුළු ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලත් පළපුරුදු කාර්ය මණ්ඩලයක් බව සංවර්ධන ව්‍යාපෘති වෘත්තිකයන්ගේ සංගමය පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More