දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150ක පමණ අතරමංවී සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් ඉදිරි පැය 48 ඇතුලත මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදීය. එම රැස්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රධානින් රැසක් එක්ව සිටියහ.

ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 72 ක මෙතෙක් සිදු කර ඇති නිරෝධායන ක්‍රියාපටිපාටිය අනුව එහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ඉදිරි දින 02 ක තුලදී නැවත සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන තුළට විදේශ රටවල සිට මෙරටට ගෙන්වනු ලබන ශ්‍රමිකයින් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More