එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (03) අනුමැතිය ලබාදී තිබේ.
අද පාර්ලිමේතුවේදී උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විට එය හමුවට ද හිටපු අගවිනිසුරුවරයාව කැඳවා තිබුණි.
එම අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රිෂාඩ් බදියුදීන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...